නිවස මාරු කරන විට භාණ්ඩ ආරක්ෂිතව ගෙනයාමට ටිප්ස් 5ක් - nimnayaone.com

Breaking

Home Top Ad


Post Top Ad

Responsive Ads Here







Thursday, June 21, 2018

නිවස මාරු කරන විට භාණ්ඩ ආරක්ෂිතව ගෙනයාමට ටිප්ස් 5ක්

නිවස මාරු කරන විට භාණ්ඩ ආරක්ෂිතව ගෙනයාමට ටිප්ස් 5ක්

feature-top
එක් නිවසකින් තවත් නිවසකට භාණ්ඩ මාරු කිරීම  ඇත්තෙන්ම දුෂ්කර කාර්යයක්. ඔබේ නිවසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තනිවම නැතහොත් උපකාර කිරීම සඳහා යමෙකු කුලියට ගත්තද ඔබ නිසි අවධානයෙන් නොසිටිය හොත් ගැටලු රැසක් මතු විය හැක. එනිසා වඩාත් පහසුවෙන් ඔබේ වටිනා බඩු මුට්ටු ඔබේ නව නිවහනට රැගෙන යන්න මේ ටිප්ස් උපකාරී වනු ඇත.
කලින්ම සංවිධානය කරන්න

අවසාන මොහොතේ දී කිරීමට යි කියා කිසිවක් ඉතිරි නොකළ යුතුය. ඔබට සතිපතා හෝ දිනපතා ඉටු කල යුතු කාර්යයන් සියල්ල යොදා වැඩ සැලැස්මක් සකස් කරගන්න. භාණ්ඩ ප්‍රවාහනය කරන මාධ්‍යය ද කලින්ම සැලසුම් කරන්න.
භාණ්ඩ ඇසුරුම් කිරීමට අවශ්‍ය දෑ එකතු කරන්න

පුවත්පත්, ඇසුරුම් ටේප්, බබල් රැප් සහ පෙට්ටි ආදිය රැස් කර ගන්න. භාණ්ඩ නම් කිරීම සඳහා මාර්කර්ස් හෝ ලේබල් ද රැස් කර තබා ගන්න.
හිතවතුන්ගේ උපකාර ලබා ගන්න

ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සහාය වීම සඳහා මිතුරන් හා පවුලේ අයට ආරාධනා කිරීමෙන් මුදල් ඉතිරි කර ගැනීමට හැකි අතර ඔවුනගෙන් බලාපොරොත්තු වන සහාය පිළිබඳව කලින්ම දැණුවත් කර තබන්නට මතක තබා ගන්න.
අනවශ්‍ය බඩු ඉවත් කරන්න

මෙය ඔබ තව දුරටත් භාවිතා නොකරන අයිතමයන් ඉවත් කිරීමට මහඟු අවස්ථාවක් වන අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පහසුවක් වනු ඇත.
භාණ්ඩ ලැයිස්තුවක් ලබා ගන්න

ඔබගේ භාණ්ඩ පිළිබඳව වාර්තාවක්/ ලැයිස්තුවක් තිබේ නම් යමක් නැතිවී ඇත්දැයි දැන ගැනීමට ප්‍රයෝජනවත් වේ. භාණ්ඩ රක්ෂණ වාර්තා සඳහා ද මෙය වැදගත් වේ. 

(under the courtesy of smartlady.lk web)

No comments:

Post a Comment

සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගෙනෙන චොක්ලට්

සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගෙනෙන චොක්ලට් පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන...

Post Bottom Ad

Responsive Ads Here

Pages